නව කොරෝනා වෛරසය ආසාදනයවූ කාන්තාවගේ පවුලේ සාමාජිකයින් 06 දෙනාගේ PCR පරීක්ෂණ වාර්තා ප්‍රථිපල අද සවස් වන විට නිකුත් වෙනු ඇති බවට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා.

මෙම කොරෝනා ආසාදිත කාන්තාව සේවය කළ ඇගළුම් කර්මාන්ත ශාලාවේ ඇයගේ ඇයගේ ආශ්‍රිතයින් 400 දෙනෙකු පමණ මේ වන විට නිවෙස් නිරෝධායනයට යොමු කර ඇති අතර තවත් පිරිස් නිරෝධායනයට යොමු කිරිමට පියවර ගනිමින් සිටින බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.

කොරෝනා ආසාදිත කාන්තාව සේවය කළ ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 75 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද දිනයේදී සිදුකොට ඇත.

මේ අතර එහි සේවය කරන තවත් සේවිකයින් 1600 දෙනෙකුගේ PCR පරික්ශණ හෙට දිනය සිදුකිරිමට මේ වන විට කටයුතු යොදා ඇත.