ජනතා විමුක්ති පෙරමුණ 2020 මැතිවරණයට පොදු ජනතා බලවේගයකින් තරග වදින බවත් ඒ වෙනුවෙන් පොදු ලකුණක් අවශ්‍ය නම් එවැනි ලකුණකින් තරග වදින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඒ මහතා පවසන්නේ ජ.වි.පෙ. සීනුව ලකුණ කිසිසේත්ම වෙනස් නොවන බවයි. ජනතා විමුක්ති පෙරමුණ 2020දී සීනුව ලකුණ ඉවත්කර වෙනත් ලකුණකින් තරග වදින බවට පළවුණු පුවත් සම්බන්ධව මාධ්‍ය කළ විමසීමකදී ප්‍රධාන ලේකම්වරයා මේ බව පැවැසීය.

වත්මන් ආණ්ඩුවේ අවුල් සහගත තත්ත්වයත් ආණ්ඩුවේ එකිනෙකාට චෝදනා කරගන්නා නාඩගමක් බවට දේශපාලනය පත්වීමත් සමඟ ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

එම තත්ත්වය අනුව ආණ්ඩුවට තවදුරටත් සිය අසාර්ථක ප්‍රතිපත්ති සමඟ ඉදිරියට යා නොහැකි බව වැඩිදුරටත් පැවැසුවේය