දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය සුළු වශයෙන් යහපත් බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළද, එම ව්‍යවස්ථා සංශෝධනය යහපත් සංශෝධනයක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

රට තුළ අර්බුදයක් ඇතිකළ පසු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නරක ගොඩක් තිබෙන බවට සඳහන් කළද, 19 වැනි‍ ව්‍යවස්ථා සංශෝධනයේ වරදක් නොමැති බවත්, සිදුව ඇත්තේ කුමන්ත්‍රණය පරාජයට පත්වීම බවත් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.

මේ නිසා සිදු වූ වැරදි අවබෝධ කරගෙන වහාම ව්‍යස්ථානුකූලව කටයුතු කළ යුතු බවද  මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

අදාළ ගැටලුව සතියකින් විසඳන බවට ජනාධිපතිවරයා පසුගිය 04 වැනිදා ප්‍රකාශ කළ බවත්, එහෙත් අධිකරණ තීන්දුව එනතෙක් සිටින බවට මේ වන විට ජනාධිපතිවරයා සඳහන් කරමින් තිබෙන බවත් ඔහු පවසා සිටියේය.