ඉදිරියේදී ශක්තිමත් පාලනයක් ගෙන ඒම සඳහා 19 වන ව්‍යවස්ථාවේ ඇතැම් කොටස් සංශෝධනය කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්.

19 වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල සියල්ල ඉවත් කර ඇති බවත් එය සිදු කළේ හිටපු ජනාධිපතිවරයාව ඉලක්ක කර ගනිමින් බවත් සරත් අමුණුගම මහතා පැවසීය.

ඒ වන විට අගමැති හා ජනපති අතර අර්බුදයක් පැවතිය ද නව ආණ්ඩුවේ අගමැති හා ජනපති අතර අර්බුදයක් නැති බැවින් 19 වන ව්‍යවස්ථාවේ ඇතැම් කොටස් සංශෝධනය කළ යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.