කුඩා ගුවන් යානයකින් තනිව ලොව වටා පියාසර කළ ළාබාලතම පුද්ගලයා ලෙස වාර්තා අතරට එක්වීමට 17 හැවිරිදි අයෙකු සමත්ව තිබෙනවා. මැක් රදර්ෆර්ඩ් නම් ඔහු බ්‍රිතාන්‍යය හා බෙල්ජියම් සම්භවයක් ඇති පුද්ගලයෙක්.

ඔහු සිය ගමන නිමා කර ඇත්තේ ඊයේ බල්ගේරියාවට ගොඩබැසීමෙන් අනතුරුවයි.

මාස 05 ක් පුරා ඔහු රටවල් 52 ක තනිවම සංචාරය කර තිබුණා. ඒ, යුරෝපය, ආසියාව, අප්‍රිකාව යන මහද්වීප මෙන්ම ප්‍රධාන සාගර කලාප දෙකක්ද පසු කරමින්. මීට පෙර වයස අවුරුදු 18 යි දින 150 ක් වයසැති බ්‍රිතාන්‍යය ජාතික පුද්ගලයෙකු මෙම ලෝක වාර්තාවට හිමිකම් කියූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ලොව පුරා තනිව පියාසර කළ ළාබාලතම කාන්තාව ලෙස වාර්තා අතරට එක්ව සිටින්නේ සාරා රදර්ෆර්ඩ්. ලොව පුරා තනිව පියාසර කළ ළාබාලතම පුද්ගලයා ලෙස වාර්තා අතරට එක්වූ මැක් රදර්ෆර්ඩ්ගේ වැඩිමහල් සොහොයුරිය වන්නේ ඇයයි.

ඇය මෙම ලෝක වාර්තාව බිහිකර තිබුණේ මේ වසරේ ජනවාරි මාසයේයි. ඔවුන්ගේ මව සහ පියාද ගුවන් නියමුවන් වනවා.