හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කිරීමේ නිල උත්සවය කොළඹදී පැවැත්වුණි.
ඒ අනුව සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් නිලයට පත්වූ පළමු නිලධාරියා ලෙස ඉතිහාසයට එක් වනු ඇත.
රටක ත්‍රිවිධ හමුදාවේ උසස් ම නිලය ද වන මෙය කිසි දිනෙක විශ්‍රාම නොයන ෆීල්ඩ් මාර්ෂල් තනතුර කැබිනට් අමාත්‍යවරයෙකු හා සමතැන් ගන්නා තනතුරක් වෙයි.