දැඩි ආන්දෝලනයකට තුඩු දුන් හෝමාගම කි‍්‍රකට් කී‍්‍රඩාංගණය ඉදිකිරීමේ යෝජනාවට කිසිදු ප‍්‍රමුඛතාවයක් ආණ්ඩුව විසින් මේ මොහොතේ ලබා නොදෙන බව කි‍්‍රඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. 

මෙතරම් විශාල මුදලක් වැය කර කී‍්‍රඩාංගණයක් ඉදි කිරීමට වඩා ප‍්‍රමුඛතාවය දිය යුතු කටයුතු මේ මොහොතේ ආණ්ඩුවට ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ. 

හෝමාගම ප‍්‍රදේශයේ මෙලෙස ඉදිකිරීමට සූදානම් වූයේ ශී‍්‍ර ලංකාවේ ඉදිකෙරෙන විශාලතම කි‍්‍රකට් කි‍්‍රඩාංගණයයි. ඒ සදහා වැය කිරීමට අපේක්‍ෂිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 30 ත් 40 ත් අතර වනවා. 

එහෙත් මෙවැනි අවස්ථාවක මෙතරම් විශාල මුදලක් වැය කර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයින් ඇතුළු පාර්ශව රැසක් දැඩි විරෝධයක් පළ කළා.