හොරණ පොලිස් වසමේ ඉළිඹ කඳන මාර්ගයේ ඉළිඹ ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ(24) රාත්‍රී 9.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

ත්‍රීරෝද රථයක් පදවාගෙව යමින් සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාදුන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලෙස වෙඩි තබා පළා ගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ කොස්වත්ත පාර, ඉළිඹ, හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ වෙඩිතැබීම සිදුවීමට පෙර එම මාර්ගයේම කිලෝමීටරයක් පමණ දුරින් මාර්ගයේ නවතා තිබු ත්‍රිරෝද රථයකට සහ ඒ අසල නිවසකටද යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇති බව පොලිසීය සඳහන් කළේය.