පිටකොටුව ප්‍රදේශයේ දී කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 1ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(03) සවස මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 26 ක් හා 27 ක් වන කඩවත හා පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද(04) මාලිකාන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොළඹ ‍මධ්‍යම කොට්ඨාස දුෂණ මර්දන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.