අද (මාර්තු 29) මධ්‍යම රාත්‍රියේ සිට සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනය අනුව බස් ගාස්තු ද කඩිනමින් සංශෝධනය කිරීමට ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන උපදෙස් දී තිබේ.

ඒ අනුව, දැනට පවතින අවම බස් ගාස්තුව රු. 30 දක්වා පහත දමන අතර හෙට (මාර්තු 30) සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පැවසීය.

ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව අනෙකුත් බස් ගාස්තු වල සිදුකෙරෙන අඩු කිරීම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යංශය පැවසීය.