5567888998999

ලෝක කුසලාන අවසන් තරඟයෙන් පසු එක්දින ක‍්‍රීඩාවෙන් තමන් විශ‍්‍රාම ගන්නා බව ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් නායක මයිකල් ක්ලාක් පවසයි.

ඔහු මේ බව පැවසුවේ මෙල්බර්න් නුවර   පැවැත් වූ මාධ්‍ය හමුවකදීය.

මේ වන විට 33වන වියේ පසු වන මයිකල් ක්ලාක් 2003 වසරේදී ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් එක්දින ක‍්‍රිකට් වරම් දිනාගත්තේය.

මේ දක්වා එක්දින තරඟ 244කට සහභාගි වී ඇති ඔහු ඉනිම 222ක් ක‍්‍රීඩා කරමින් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව7907කි.