පානදුර උතුර පොලිස්බල ප‍්‍රදේශයේ ආරක්ෂාවට ඊයේ රාති‍්‍රයේ සිට පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා තිබෙනවා.

ඒ, පානදුර කෙසෙල්වත්ත, තොටවත්ත ප‍්‍රදේශයේ ඊයේ දහවල් ඇතිවූ කලහකාරී සිද්ධියෙන් පසුවයි. එම  තත්ත්වය පාලනය කිරීමට පොලීසියට අහසට වෙඩි තැබීමට ද සිදුවුණා.

ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදියක ගමන් ගත් අයෙකුට දඩ පති‍්‍රකාවක් ලබා දීමට පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කටයුතු කළ  අවස්ථාවේ ආගමික සිද්ධස්ථානයක සිටි පිරිසක් ඊට විරෝධය පළ කිරීමත් සමග එම කලහකාරී තත්ත්වය හට ගැනුණා.