Skip to content

පසුගිය පළාත් සභා ඡන්දයේදී බස්නාහිර පළාතෙන් වැඩිම මනාප ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.
විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සදහන් කර තිබේ. කොළඹ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි ඇය හමුවීමට හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා මංගල සමරවීර මහතාද පැමිණ සිටියහ.