අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සියලුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව ලබන සඳුදා පෙරවරු 10.00ට විශේෂ සාකච්ජාවක් සඳහා අරලියගහ මන්දිරයට කැඳවා ඇති බව රජයේ ඉහළ පෙල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඒ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යලි කැඳවන්නැයි ඉල්ලා දේශපාලන පක්ෂ කිහිපයක්ම ඉල්ලීම් සිදුකර ඇති පසුබිමක් තුලයි.

ඊයේ (29) දිනයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමේදී ද පාර්ලිමේන්තුව යලි කැඳවන්නැයි එම පක්ෂ විසින් සිදුකළ ඉල්ලීම සම්බධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජාවට බඳුන් වී ඇති බවයි වාර්තා වන්නේ