හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහු රැඳී සිටින තායිලන්තයේ හෝටල් කාමරයෙන් පිටතට නොයන ලෙස එරට ආරක්ෂක විසින් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.

ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා දින 28 කට ආසන්න කාලයක් සිංගප්පුරුවේ රැඳී සිටීමෙන් අනතුරුව ඊයේ දිනයේදී තායිලන්තයට පැමිණියා. 

හිටපු ජනාධිපතිවරයා පෞද්ගලික ගුවන් යානාවකින් සිංගප්පුරුවේ සිට තායිලන්තය බලා පැමිණියේ තවත් තිදෙනෙකු සමග බවයි තායිලන්ත මාධ්‍ය වාර්තා කර සිටියේ.

හිටපු ජනාධිපතිවරයා මේ වන විට බැංකොක් නුවර පිහිටි නම හෙළි නොකළ හෝටලයක රැඳී සිටින අතර ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්යාංශයේ නිලධාරීන් යොදවා ඇත.

හිටපු ජනාධිපතිවරයා තායිලන්තයේ ෆුකට් හි පිහිටි ගුවන් තොටුපොළට පළමුව පැමිණීමට නියමිතව තිබුනත්, ඔහු සම්බන්ධයෙන් තොරතුරු හෙලිවේයැයි යන සැකය මත ගුවන් යානය බැංකොක් වෙත හරවා යවනු ලැබුවා.