හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (09) පස්වරු 01.00 සිට හෙට උදෑසන 07.00 දක්වා පැය 18 ක කාලයක් කොළඹ ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

නවගම්පුර, කොළඹ 09 සහ කොළඹ 14 යන ප‍්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

අදාළ කාල සීමාව තුළ කොළඹ 13 සහ 15 යන ප‍්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළා.