ඇඳිරි නීතිය ලිහිල් කළ මෙම කාලසීමාවේදී සෞඛ්‍ය උපදෙස් නොතකා විනෝද චාරිකාවල නිරත වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියේ අවධානය යොමුව තිබෙනවා.

එලෙස විනෝද චාරිකා ගොස් සිටි පිරිස් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ද තොරතුරු රැස් කර ගන්නා බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකරමින් සෞඛ්‍ය උපදෙස් කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා සිවිල් ඇඳුම් සැරසුන පොලිස් නිලධාරීන් ද තවදුරටත් යොදවා ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.