කොවිඩ් -19 වෛසරය පැතිර යාමේ අවධානම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් වසා දමා තිබූ රජයේ පාසල් අද (06) ආරම්භ කෙරුණා.

ඊට අනුව දිවයින පුරා පාසල් වෙත ළමුන් පැමිණීම සිදුව තිබුණේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට ප්‍රමුඛත්වය දෙමින්.

පාසල් තුළ ඉගෙනීමේ කටයුතු ද මේ වන විට සිදු කෙරෙමින් ඇති අතර එහිදී අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳව ගුරුවරුන් විසින් සිසුන් දැනුවත් කර තිබෙනවා.