දකුණු කොරියාවේ අගනගරය වන සෝල් නුවර නගරාධිපතිවරයා අතුරුදන් ව ඇති බව පොලීසිය පවසයි.

නගරයේ කුඩා කඳුකර ප්‍රදේශයක පාර්ක් වොන්-සූන් සොයා මේ වනවිට පරීක්ෂණ අරඹා ඇති බව පොලීසිය පැවසීය. ඔහුගේ ජංගම දුරකථනයෙන් අවසන්වරට සංඥා නිකුත් වී තිබුණේ එම ස්ථානයෙනි.
 
නගරාධිපතිවරයාගේ ජංගම දුරකථනය මේවන විට විසන්ධි ව පවතින බව පැවසේ. නිවසින් යෑමට පෙර ඔහු හඬ පණිවුඩයක් යවා ඇති අතර ඔහුගේ දියණිය එය “අන්තිම කැමැත්ත” ලෙස හැඟෙන බවය.