goonawardena

නව පරිපාලනයක් යටතේ තව දුරටත් ජනතා සේවය සදහා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව එහි නව සභාපතිතුමන් වන ලසන්ත ගුණවර්ධන මහතා සදහන් කරයි.ආයතනයේ ඉදිරි කටයුතු පිලිබදව මාධ්‍ය දැනුවත් කිරිමට පැවති හමුවේදි ඒ මහතා මේ අදහස් පල කලේය. තවදුරටත් අදහස් දැක්වු  ලසන්ත ගුණවර්ධන මහතා..

මේ රටේ කුඩා ව්‍යාපාරිකයන්ට ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ණය ලබා ගැනිමටත් අනිකුත් බැංකු සේවා ලබා ගැනිමටත් හැකිවන ලෙස ගොඩ නගන ලද මේ බැංකුව තව දුරටත් ඒ වගකිම ඉටු කරමින් ඉදිරියට රැගෙන යාම මා ඇතුලු කණ්ඩායමේ මුලික අරමුණ වි තිබෙනවා.මෙහිදි පසුගිය කාලයේ මේ ආයතනය තුල සිදුවු අඩු පාඩු නිවැරදි කර ගනිමින් විශේෂයෙන්ම ලබා දුන් මහා පරිමාණ ණය යලි අය කර ගැනිම විධිමත් කරමින් ඒ මුදල් යලිත් මේ රටේ පොදු ජනතා යහපත සදහා යෙදවිමට අපි ක්‍රියාකරනවා.

එසේම නව ව්‍යවසායකයන් දහසක් සදහා විශේෂ ණය ලබාදිමේ සැලැස්මක් මිට සමගාමීව ක්‍රියාවට නැන්විමට අප සියලු කටයුතු සකසා අවසන්. “රට දිනන දින සියය තුළ ව්‍යවසායකයින් දහසක් රටට දායාද කිරිම” සදහා සියපත් පුබුදුව නමින් මේ වැඩසටහන මේ මස 20වන දින සමාරම්භක පියවර ලෙස ගරු මුදල් ඇමතිතුමන්ගේ මුලිකත්වයෙන් ඇරඹිමට සුදානම්.

මෙහිදි ධිවර හා කෘෂි කර්මාන්ත,ඇගළුම්,ඉංජිනෙරු සේවා,හොටල් කර්මාන්ත,රූපලාවන්‍ය,විද්‍යුත් උපකරණ අලුත් වැඩියාව, ජලනල හා කාර්මික,ස්වයංරැකියාලාභින් වෙත මේ ණය මුදල් ලබා දිමට බලාපොරොත්තු වෙයි.
එසේම දරුවන් වෙත ලැප්ටොප් පරිගණක ලබා දිමේ පහසුකම සදහා දෙමාපියන් වෙත රුපියල් ලක්ශය දක්වා සහන පොළී අනුපාත යටතේ ණය ලබා දිමේ වැඩපිළිවෙලක්ද ඇරඹිමට නියමිතයි.මෙහිදි රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකටම ඒ සදහා අවස්ථාව ලබා දිමටද අප සුදානම්.

ඉදිරියේදි ශාඛා ජාලය වඩා පුළුල් කරමින් වඩා වැඩි සේවාවක් ලබා දිමටත්,අනිකුත් බැංකු සේවා පහසුකම්ද එක්කර ගනිමින් වඩා හොද සේවාවක් ජනතාවට සැපයිමට අප බලාපොරොත්තුවෙන් සිටි. 20150310_102502 20150310_110213 20150310_110226 20150310_110423