නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ලොව පුරා රටවල සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේවනවිට ලක්ෂ සියයකට ආසන්න වෙමින් තිබෙනවා. 

ඒ අනුව මේවනවිට ලොවපුරා රටවලදී පූර්ණ සුවය ලබා ඇති සමස්ථ පුද්ගලයින් ගණන 9,715,983 ක්. නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් පනස් පන්ලක්ෂ 72,812 දෙනෙකු තවදුරටත් ලොව පුරා රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. 

ඒ අනුව මේවනවිට ලොවපුරා රටවලින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන එක් කෝටි පනස් නව ලක්ෂයක් වනවා. මේවනවිට ලොව පුරා සිදුව ඇති කොරෝනා මරණ ගණන හයලක්ෂ 41,000 ක්.