කොවිඩ්-19 ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 821ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

ඒ රෝහල්ගතව සිටි තවත් නාවික හමුදා සාමාජිකයෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යාමත් සමඟයි. 

වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 904 දෙනාගෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 84 ක් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා පැවසීය. 

ඒ අනුව කොවිඩ්-19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින්ගෙන් සියයට 90ක පිරිසක් මේ වන විට සුවය ලබා තිබේ.