දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්තිරන්ට ද ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැටලූවක් ඇති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ අනාවරණයක් සිදු කළා. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක පැවසුවේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි. පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්තිරන් ට ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැටලූවක් ඇති බව ඊයේ ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්තිරන් දෙමළ ඩයස්පෝරාවේ  ඕනෑ එපා කම් මත කටයුතු කරමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක පැවසුවේ