sudarman

ස්වාධින රූපවාහිනි සේවයේ ප‍්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩ මහතා ලබන 24 වැනිදා දක්වා මීට නොබෝ වේලාවකට පෙර රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධීකරණයේ නියෝගයකට අනුවයි. ඉකුත් ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්‍ෂකයා වු මෛත‍්‍රිපාල සිරිසේන මහතාට අපහාස වන අන්දමින් ප‍්‍රවෘත්තියක් පළ කිරීම සම්බන්ධයෙන් පනවා ඇති නඩුවකට අදාලව ඔහු මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පසුගිය නඩු වාරයේදී සුදර්මන් රදලියගොඩ මහතා එම නඩුවේ සැකකාරුවෙකු ලෙස ප‍්‍රකාශ කෙරුණු අතර ඔහු අද නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වී තිබුණා.