කැළණිය විශ්ව විද්‍යාලයේ සවි කර තිබූ සී සී ටී වී කැමරා ගලවා ඉවත් කළ සිසුන්ට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගැනීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය සූදානම් වනවා.

මේ වනවිට එම කි‍්‍රයාවට සම්බන්ධ වූ විශ්ව විද්‍යාල සිසුන් හදුනාගෙන ඇතැයි එම විශ්ව විද්‍යාල පාලන අධිකාරිය සදහන් කළේ.

එම සිද්ධිය පිළිබද පරීක්‍ෂණක් ද මේ වනවිට කි‍්‍රයාත්මක බවයි කැළණිය විශ්ව විද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ, ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ කියාසිටියේ.

මෙරට විශ්ව විද්‍යාලවල සීමිත ලෙස සවිකර තිබූ සී සී ටී වී කැමරා පාස්කු ප‍්‍රහාරයෙන් පසු විශ්ව විද්‍යාලවල ආරක්‍ෂාව වෙනුවෙන් වැඩි වශයෙන් සවි කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් පියවර ගත්තා.

කැළණිය විශ්ව විද්‍යාලයේ  එලෙස සවි කර තිබූ  නව සී සී ටී වී කැමරා රැුසක් මෙලෙස ගලවා දමා තිබු බවයි කැළණිය විශ්ව විද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ, ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ පැවසුවේ.

කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ ආරක්‍ෂාව සදහා සවිකර තිබූ සී සී ටී වී කැමරා සිසුන් පිරිසක් විසින් ගලවා ඉවත් කිරීමට එරෙහිව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේද දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබෙනවා.