නුවරඑළිය ග්‍රෙගරි වැවේ තිබී නාඳුනන මළසිරුරක් සොයාගෙන තිබේ.

පොලිස් මුලස්ථානය පැවසුවේ නුවරඑළිය පොලීසියට තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී මළසිරුර සොයාගෙන ඇති බවය. 

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව සිරුර ගොඩට ගෙන ඇති අතර මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව වාර්තා වෙයි.

මේ අතර දෙහිඅත්තකණ්ඩිය රක්කිඳ ජලාශයේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් තිබේ.

මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයා යළි නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ සොයාබැලීමකදී ඔහුගේ සිරුර රක්කිඳ ජලාශයේ තිබි සොයාගත් බව පොලිසිය පැවසීය.

මියගොස් ඇත්තේ 45 හැවිරිදි වැව්මැදගම ප්‍රදේශයේ පදිංචි අයෙකි.