Chaminda Vaas

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස ක්‍රියා කළ චමින්ද වාස් ස්වකීය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා නිවේදනය කර ඇත.

චමින්ද වාස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දුයැවීමට අදාළ පුහුණුකරු ලෙස පත්වීම ලබාගනු ලැබුවේ 2013 පෙබරවාරි මාසයේදීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් චමින්ද වාස් මහතා කියා තිබෙන්නේ තමාට එල්ල වුණු බලපෑම් හමුවේ මෙලෙස ඉල්ලා අස්වෙන්නට තීරණය කළ බවයි.

සියල්ල දේශපාලනීකරණය වී තිබියදී තමාට තනි අතින් අත්පුඩි ගැසිය නොහැකි බවත්,ඉදිරියට ක්‍රිකට් පාලක මණ්ඩලය සමග කිසිදු සම්බන්ධයක් තබා ගැනීමේ අපේක්ෂාවක් නොමැති බවත් ඔහු මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.