දිවයිනේ ක්‍රියාත්මක ඇඳිරි නීතිය හා ඇඳිරි නීතිය කාලය තුළ මත්පැන් හල් වසා දැමීමත් හේතුවෙන් සිගරට් හා අරක්කු මේ වන වන විට කලු කඩට මිලට අලෙවි වන බව වාර්තා වෙයි.

ඇතැම් ස්ථාන වල සිගරට් එකක් රුපියල් 100ක් වැනි මිලකටත්, අති විශේෂ අරක්කු එසේත් නොමැතිනම් ගල් අරක්කු බෝතලයක් රුපියල් 2500ක් වැනි මුදලකටත් අලෙව් වන බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ වන විට එසේ කලු කඩ මිලට අරක්කු හා සිගරට් අලෙව් කරන ස්ථාන වැටලීම වෙනුවෙන් පොලීසිය හා සුරාබදු දෙපාර්තමේන්තුව විශේෂ වැඩසහටන් ක්‍රියාත්මක කර තිබේ.