කොවිඩ්-19’ ව්‍යවසනයෙන් බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන්ට සහන ලබාගැනීම සඳහා අයඳුම්පත් යොමු කිරීමට ලබා දී තිබූ කාලසීමාව ලබන 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

කොරෝනා වයිරසයෙන් ඇති වී තිබෙන බලපෑම හේතුවෙන් මූල්‍ය ආයතනවල ඇතැම් ගනුදෙනුකරුවන්ගේ මුහුණපා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ගනුදෙනුකරුවන්ට ණය සහ  4%ක වාර්ෂික පොලී අනුපාතය යටතේ මාස දෙකක කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබා දී තිබිණි.

එහි අවසාන දිනය අප්‍රේල් මස 30 ලබා දී තිබිණි. එය මැයි මස 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

අප්‍රේල් 28 වැනිදා නිකුත් කරන ලද 2020 අංක 06 දරණ චක්‍රලේඛය මඟින් අදාළ කාලසීමාව දීර්ඝ කර ඇත.