ආසාදිතයින් දෙලක්ෂ හැට හය දහසකට ආසන්න පිරිසක් හමුව ඇති ඉන්දියාවද කොවිඩ් වසංගතයේ අපිකේන්ද්‍රයක් බවට පත්ව ඇති බව නොරහසකි.

ඉන් එරටින් වාර්තාවන මරණ ගණන 7,473 කි.

මෙවන් පසුබිමක චිත්‍රපට රූපගත කිරීමේ අවස්ථාව උදාකර දීමට තෙලගනා ප්‍රාන්ත රජය තීරණය කර තිාබ්.

කෙසේ නමුත් ඔවුන් අවධාරණය කරන්නේ සිනමාහල් දිගින්දිගටම වසාදමා තබන බවයි.

මේ අතර මින්පෙර නොවූ ලෙස බරපතළ ආකාරයෙන් කොවිඩ් වසංගතය ලොව පුරා පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලතින් අමෙරිකාවේ, ඉන්දියාවේ හා අප්‍රිකාවේ පවතින තත්ත්වය උපුටා දක්වමින් ඔවුන් මේ බව පෙන්වාදෙයි.

කෙසේ නමුත් ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ, ආසාදිත ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයින්ගෙන් රෝගය තවත් අයෙකුට ව්‍යාප්තවීමේ අවදානම ඉතාමත් සීමිත බවයි.