මාලඹේ සයිටම් ආයතනය ඉදිරිපිට චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ දී ඊයේ (6) රාත්‍රි 8.30ට පමණ සයිටම් ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය සමීර සේනාරත්න මහතා ඉලක්කකරමින් වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි.

මුහුණු ආවරණය කරමින් පැමිණි යතුරුපැදිකරුවන් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, වෙඩි තැබීම හේතුවෙන් සේනාරත්න මහතාට හානියක් සිදු නොවූ අතර වාහනයට හානිවී ඇත. සේවය නිමවී තම නිවස වෙත යමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ දී ඇත.

මුල්ලේරියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.