කළුතර එතනමඩල ප‍්‍රදේශයේදී බන්ධනාගාර රැඳවියන් රැගත් බස් රථ දෙකකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප‍්‍රහාරයෙන් පාතාල නායක ‘සමයං’ නමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ. ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු වී ඇති සංඛ්‍යාව 6ක්.

ඒ අතරට බන්ධනාගාර නිලධාරීවරයෙකු ද අයත්. තවත් බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ