විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ නායකයා ලෙස බොරැල්ල කැම්බල් පිටියේ පැවති පක්‍ෂයේ වාර්ෂික සම්මේලනයේදී ඊයේ (දෙසැ. 11) නැවතත් පත් කරගනු ලැබිණි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් කරනු ලැබූ යෝජනාව පැමිණ සිටි පාක්‍ෂිකයන් අත් ඔසවා අනුමත කිරීමෙන් මෙම පත්වීම සිදුකෙරිණි.

සමගි ජන බලවේගයේ ප්‍රධාන නිලතල දැරූවන් ම නැවතත් ඒවාට පත්කෙරුණි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පක්‍ෂයේ මහ ලේකම් ධූරයටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සභාපති ධූරයට පත් කෙරිණි.

සෙසු නිලධාරීන් මෙසේ ය.

ජාතික සංවිධායක – තිස්ස අත්තනායක, භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපතිවරු – ලක්‍ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, ඉමිතියාස් බාකීර් මාකාර්, රාජිත සේනාරත්න, රවීන්ද්‍ර සමරවීර.

උප සභාපතිවරු – තලතා අතුකෝරාල, ගයන්ත කරුණාතිලක, දිලිප් වෙදආරච්චි, ඒ. එච්. එම්. හලීම්, චන්ද්‍රාණි බණ්ඩාර, පී. හැරිසන්, සුජීව සේනසිංහ, ජේ. සී. අලවතුවල

මෙහෙයුම් ප්‍රධානී – නලින් බණ්ඩාර ජයමහ, පර්යේෂණ හා සංවර්ධන ලේකම් – ඉරාන් වික්‍රමරත්න, ජාත්‍යන්තර කටයුතු ලේකම් – නිරෝෂන් පෙරේරා, නීති ලේකම් – ජනාධිපති නීතිඥ ෆර්සාන් කාසිම්, නියෝජ්‍ය ලේකම්වරු – අශෝක් අබේසිංහ, රෝහිණී කුමාරි විජේරත්න, වඩිවේල් සුරේෂ්, පී. උමාචන්ද්‍රා, තුෂාර ඉඳුනිල් අමරසේන.

නියෝජ්‍ය ජාතික සංවිධායක – අජිත් මාන්නප්පෙරුම, රංජිත් අලුවිහාරේ, සහකාර ලේකම්වරු – මුජිබර් රහුමාන්, හේෂා විතානගේ, චමින්ද විජේසිරි, සුජිත් සංජය පෙරේරා, හර්ෂණ රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි, මයන්ත දිසානායක, කාවින්ද ජයවර්ධන, ඉම්රාන් මහරුෆ්, බන්දුලාල් බණ්ඩාරිගොඩ.