සංගීතවේදී ජයන්ත රත්නායක මහතා අද (06) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.

ඒ මහතා මියයන විට 50 වන වියෙහි පසු වුණා.

ප්‍රවීන සංගීතඥ වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුතු වූ ජයන්ත රත්නායක මහතා දෙදරු පියෙකි.

අවසන් කටයුතු හෙට (07) සිදු කෙරෙන බවයි වාර්තා වෙන්නේ.