නව කොරෝනා (COVID-19* රෝගයේ, A කාණ්ඩයට අයත් වෛරසය ශ‍්‍රී ලංකාවේ පැතිර යන බවට  මේ වන විට සිදු කළ මූලික පරීක්ෂණවලදී හඳුනා ගැනීමට හැකිවූ බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය කියයි.

 
COVID-19 ලෙස නම් කළ රෝගය ඇති කරන නව කොරෝනා වෛරසය SARS-CoV2 ලෙස හඳුන්වනු ලැබේ.
 
 ඉන් මේ වන විට ශ‍්‍රී ලංකාවේ හඳුනාගත් වෛරසයේ A කාණ්ඩයට අයත් ප‍්‍රභේදය ඇමරිකාව
 
 සහ ඔස්ටේ‍්‍රලියාවෙන් වැඩි වශයෙන් වාර්තා වන අතර චීනයේ වුහාන් ප‍්‍රදේශයෙන් වැඩි වශයෙන් වාර්තා වන්නේ COVUD 19 රෝගය ඇති කරන වෛරසයේ B කාණ්ඩයේ ප‍්‍රභේදය බව දමහාචාර්ය මලවිගේ ප‍්‍රකාශ කළාය.
 
 මෙය ඉතිහාසගත පරීක්ෂණයක් වේ. මේ පිලිබඳ මහාචාර්ය මලවිගේ බීබීසී සිංහල වෙබ් අඩවියට මෙසේ ප‍්‍රකාශ කර තිබිණි.
 
 මේ පර්යේෂණය මගින් තමයි ඉතිහාසයේ පළමු වතාවට ලංකාවේදී වෛරසයක whole genomic sequencing   (වෛරසයේ ජාන සැකැස්ම* හොයාගත්තේ. ශ‍්‍රී ලංකාවේදී වෛරසවලට අදාළ පරීක්ෂණ සිදු කිරීමේදී මෙතෙක් අනුගමනය කළ ක‍්‍රමවේදය වුණේ වෛරසයේ ප‍්‍රවේණිගත ලක්ෂණ සහිත RNA (Ribo Nucleic Acid) වෙන්කරගෙන වැඩිදුර පර්යේෂණ සඳහා වෙනත් රටක රසායනාගාරයකට යැවීමයි. COVID-19  වෛරසයේ ප‍්‍රභේදය අනුව සංකූලතා වෙනස්  වන බවට මතයක් තියෙනවා. අපි ලංකාවේ පැතිරෙන වෛරසය නිවැරදිව හඳුනාගැනීම රටක්විදියට මේ සඳහා මුහුණ දීම ඉතා ම වැදගත්,‘‘

 
 ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අයත් ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය තුළ පිහිටි
 
 රසායනාගාරයේදී COVID-19 රෝගීන් හඳුනා ගැනීමට අදාළ PCR පරීක්ෂණ නීලිකා මලවිගේ මහාචාර්යවරියගේ ප‍්‍රධානත්වයෙන් මේ දිනවල සිදු කරනු ලැබේ.