අගලවත්ත ප්‍රදේශයේ මාළුපාන් ගෙඩියක්‌ ඇතුළේ කැරපොත්තකු සිටීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ බේකරි හිමියකුට මතුගම මහේස්‌ත්‍රාත් චමරී වීරසූරිය මහත්මිය රුපියල් තුන් දහස්‌ පන්සියයක දඩයක්‌ නියම කළාය.

පාන් ගෙන යන කුඩා රථයකින් අගලවත්ත බෙල්නිව් දෙමළ පාසලේ දරුවකු මිලටගත් මාළු පාන් ගෙඩියක්‌ පාසලට ගෙන ගොස්‌ කෑමට ගත් අවස්‌ථාවේදී ඒ තුළ මියගිය කැරපොත්තකු සිට ඇත. අනතුරුව මේ පිළිබඳව අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිලි කර ඇත. අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජානක මාරසිංහ මහතාගේ උපදෙස්‌ පරිදි අගලවත්ත මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්. ඒ. ගුණරත්න මහතා මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වා බේකරි හිමියා අත්අඩංගුවට ගෙන මතුගම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ චෝදනාවලට වරදකරු විණි.