ඒ අනුව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 200ක් සහ කැරළි මර්ධන ඒකකයේ නිලධාරීන් කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සම් අද දිනයේ යළි විභාගයට ගැනීමට නියමිතයි.

ඊයේ (12) දිනයේ පෙත්සම් කැඳවූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ‍්‍රය වෙත පැමිණි කිහිප දෙනෙකු හූ කියමින් සහ බැණ වැදීමේ සිද්ධීන් වාර්තා වුණා. ඒ සමගයි අද දිනයේ එම පරිශ‍්‍රයේ ආරක්‍ෂාව තර කිරීමට පොලීසිය පියවර ගෙන ඇත්තේ.

මේ අතර මෙම පෙත්සම් සම්බන්ධයෙන් රජය වෙනුවෙන් නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා.