ශි‍්‍ර ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ 2 වන තරගයේදී නවසීලන්ත කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 178 කට සීමා වුණා.

වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගත්තේ ටිම් සවුතියි.

ඔහු පන්දු 65 කදී ලකුණු 68 ක් ලබාගත්තා.

සුරංග ලක්මාල් ලකුණු 54 කට කඩුළු 5 යි. මෙය සුරංග ලක්මාල් විසින් ඉනිමකදී කඩුළු 5 ක් දවාගත් දෙවන අවස්ථාවද වනවා. ලහිරු කුමාර ලකුණු 49 කට කඩුළු 3 යි. මෙම තරගය නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච්හිදී පැවැත්වෙනවා.

තම ප්‍රථම ඉනිමට මුහුණ දෙන ශ්‍රි ලංකා පිල කඩුළු 4කට ලකුණු 88ක් ලබා සිටිනවා.