ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ආබාධයකට ලක්ව ඇතැයි වාර්තා වනවා. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දක්වා නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.

ඕස්ට්‍රේලියානු සංචාරයට එක්ව සිටින නුවන් තුෂාර සහ රමේෂ් මෙන්ඩිස් ද මීට පෙර ආබාධවලට ගොදුරු වුණා. 

එමෙන්ම වනිඳු හසරංග සහ බිනුර ප්‍රනාන්දුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ශ්‍රී ලංකා ඔස්ටේ්‍රලියා 05 වන හා අවසන් 20 යි 20 තරගය මෙල්බර්න් හිදී හෙට පැවැත්වීමට නියමිතයි.