Adam's Peak, in southern Sri Lanka, emerges from the mornng mists.

අඹගමුව ප්‍රාදේශීය සභාව ඇතුළු ප්‍රාදේශීය සභා තුනක ජන්දය පැවැත්වීම වළකාලමින් කටයුතු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි මස 8 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) දින ලබා දෙනු ලැබුවා .මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙසට නම් කර ඇති මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටීමට යළි නොතීසි නිකුත් කරනු ලැබුවා.පෙත්සම සම්බන්ධයෙන් සමස්ථ ලංකා බෞද්ධ සංගමය මැදිහත් වීමට බලාපොරොත්තු වන බවයි පැවසුවේ.

ශ්‍රීපාදස්ථානය අයත් වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයට බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් අඹගමුව ප්‍රාදේශීය සභාව තවත් ඒකක තුනකට බෙදීමෙන් ශ්‍රීපාදස්ථානයට බලපෑමක් නොවන බවත් නීතිපතිවරයා කියා සිටියා.මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අඹගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් ගොනු කරුණු ලැබුවා.2017 නොවැම්බර් මස 2 දා නිකුත් කළ ගැසට් නිවේදනයට අනූව අඹගමුව ප්‍රාදේශීය බල ප්‍රදේශය ප්‍රාදේශීය සභා තුනකට එනම් මස්කෙළිය , නෝවුඩ් සහ අඹගමුව ප්‍රාදේශීය සභ ලෙසට වෙන් කර ඇති බව පෙත්සම්කරු පවසා සිටියා.මේ තුළින් ශ්‍රීපාදය අවට ජීවත් වන සිංහල බෞද්ධයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙත්සම්කරු පෙන්වා දුන්නා.ජනවාර්ගික පදනමක් මත සිදු කර ඇති මෙම බෙදා වෙන්කිරීම තුළින් ජාතික අසමගියක් ඇති විය හැකි බව පෙත්සම්කරු පවසා සිටියේ.මෙම පෙත්සම තුළින් පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පාර්ශවයන් අටක් වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇත .