සත්කාරක නවසීලන්ත කණ්ඩායමේ ප්‍රථම ඉනිම ලකුණු 221කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අද සමත්වූහ.

ඒ ශ්‍රී ලංකා – නවසිලන්ත දෙවැනි ටෙසට් තරගයේ පළමු දිනයේදීය.

(රුපය මත click  කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge)

8282727272

වෙලින්ටන්හි බේසින් රිසව් ක්‍රීඩාංගණයේදී අද (03දා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රි ලංකා කණ්ඩායමේ අරයුමෙන් නවසීලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදුන්නේය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් තුනක් සමගින් පිටියට පවිසුනේය.

නිරෝෂාන් දික්වැල්ල වෙනුවට දිනේෂ් චන්දිමාල්, ශාමින්ද එරංග වෙනුවට නුවන් ප්‍රදීප්, තරිඳු කෞෂාල් වෙනුවට  රංගන හේරත් කණ්ඩායමට ඇතුළත්වූහ. තම ඉනිම ඇරඹු ශ්‍රි ලංකා කණ්ඩායම දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවි ලකුණු 78ක් ලබා සිටියේය.

(රුපය මත click  කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge)

3131313131313131