Skip to content

අන්තර්ජාතික ක්‍රිකට් කවුසිලය අද (04දා) නිකුත් කළ නවතම ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයට අනුව මෙතෙක් සිවුවැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම පස්වැනි ස්ථානය දක්වා පියවරක් පසුබැස ඇත.
පාකිස්තානය හා ඔස්ට්‍රේලියාව අතර පැවැති ටෙස්ට් තරගාවලිය ඊයේ (03දා) නිමාවීමෙන් අනතුරුව මෙම ගණනය කිරීම් කළ අතර, එම තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගත් පාකිස්තාන කණ්ඩායම නවතම ශ්‍රේණිගතකිරීම්වලට අනුව හයවැනි ස්ථානයේ සිට තුන්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
කෙසේ නමුත් පළමු හා දෙවැනි ස්ථානයවල පිළිවෙළින් පසුවූ දකුණු අප්‍රිකානු හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම්වල ස්ථානවල වෙනසක් සිදුවී නොමැති අතර, තෙවැනි ස්ථානය පසුවූ එංගලන්තය සිව්වැනි ස්ථානයටද, පස්වැනි ස්ථානයේ පසුවූ ඉන්දියාව හයවැනි ස්ථානයටද පැමිණ ඇත. ඒ හැරෙන්න වෙනත් වෙනස්කමක් සිදුවී නොමැත.