විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (නොවැ. 1) සමත් විය.

ඒ අනුව, ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

මෙම තරග පරාජයත් සමග ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවසන් බලාපොරොත්තුව ද ගිලිහී ගියේ ය.

සුපිරි පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා පන්දු 42කදී ලකුණු 66ක් ලබා ගත්තේ ය.

ඒ, හතරේ පහර 6ක් සහ 6 පහර 2ක් සමගිනි.