සීමාවාසික පුහුණුව දැනට අවසන් කර සහන නේවාසික වෛද්‍යවරුන් ලෙස සේවයේ නියුතු 800 කට අධික වෛද්‍යවරුන්වරුන් පිරිසකට වහාම පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලිපි ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (26දා) තීරණය කර තිබේ.

මෙම වෛද්‍ය නිලධාරීන් විශාල පිරිසක් කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසළට පැමිණ තමන් බඳවා ගන්නා ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක නිරතවීමට උත්සාහ කළ අවස්ථාවේ දී එම පිරිසෙන් 08 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමු වී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.

දැනට සීමාවාසික වෛද්‍යවරුන් ලෙස බදවා ගැනිම් නතර කර ඇති බැවින් මෙම වෛද්‍යවරුන්ට තම නියමිත පුහුණු කාලය අවසන් වුවද තවදුරටත් සීමාවාසික වෛද්‍යවරුන් ලෙස කටයුතු කිරිමට සිදුව ඇත.