ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාවට වැදිකරුවූ හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක සිර දඩුවම් සහ රුපියල් ලක්ෂයක මුදල් දඩයක් කොළඹ මහාධිකරණය විසින් අද නියම කළේය.