wemal weerawansa-01-psd-550x330

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ඇතුළු  පක්ෂ සාමාජිකයින් 6 දෙනෙකුට අද (18) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.

එ් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට ඉකුත්දා සිදු කළ විරෝධතාවට අදාළව නඩුවට පෙනී සිටීම සඳහායි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරුගේ ශී‍්‍ර ලංකා සංචාරයට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.

අනවසරයෙන් ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතය ඇතුළු චෝදනා කිිහිපයක් යටතේ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ අද (18) දින පෙනී සිටින ලෙසටයි විමල් වීරවංශ මහතා ඇතුළු හයදෙනාට දැනුම් දී ඇත්තේ.