ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු  මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ තිබේ.

පසුගිය රජය සමයේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඉකුත් 14 වැනිදා ද ඔහුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබුණි.