විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා කොළඹ 07, මාර්කස් ප‍්‍රනාන්දු මාවතේ අංක 30 දරණ ස්ථානයේ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදි අද පෙරවරුවේ සිය රාජකාරී කටයුතු ආරම්භ කළා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්‍ෂ මහතා කියාසිටියේ වසර 4 කට පසු විපක්‍ෂ නායක කාර්යාලය රටේ සියලූ ජනතාවට අද සිට විවෘත වන බවයි.