මෑත කාලයේ මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ඒ වෙනුවෙන් යහපාලන ආණ්ඩුව ගෙන තිබෙන ක්‍රියාමාර්ග ආදිය සඳහන් කරන ඒ මහතා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 ට පමණ ස්විට්සර්ලන්තයේ ජිනීවා හි ජගත් මානව හිමිකම් සමුළුව අමතන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ෂෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) ඇරැඹි ජගත් මානව හිමිකම් කවුන්සලයේ 34 වැනි සැසිවාරය එළඹෙන මාර්තු මස 24 දා තෙක් පැවැත්වෙන අතර එහිදී එක් එක් සාමාජික රටවලට පොදුවේ වැදගත්වන කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද එම අමාත්‍යාංශය කියයි.

ඒ අනුව මානව හිමිකම්, මරණ දඩුවම, දේශගුණික විපර්යාස, ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම්, ළමා අයිතීන්, ඖෂධ සඳහා ප්‍රවේශය, මාතෘ මරණ, සිරියාවේ මානව හිමිකම් තත්ත්වය ආදිය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරයි. ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සම අනුග්‍රාහකත්වයෙන් පසුගිය 2015 වසරේ දී ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී සම්මත කරගත් යෝජනාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වත්මන් රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ද මෙවර සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.