නිරෝධායන නීති උල්ලංඝනය කළ විදෙස් ජාතිකයින් 7 දෙනෙකුට එරෙහිව සිංගප්පූරු අධිකරණයක් හමුවේ චෝදනා ගොනු කර තිබේ. 

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් පුද්ගල දුරස්ථභාවය ඇති කිරීම සඳහා එරට රජය විසින් මහජන එක්රැස්වීම් සීමා කරමින් නීති පනවා තිබුණි. 

කෙසේවෙතත් එම නීති නොතකමින් විදෙස් ජාතිකයින් පිරිසක් එක්රැස්ව සිටින ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල පල වී තිබූ අතර මේ සම්බන්ධයෙන් සිංගප්පූරු වැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබූ බව සඳහන්. 

ඒ අනුව විමර්ශන ආරම්භ කළ සිංගප්පූරු බලධාරීන් සිද්ධියට අදාල විදෙස් ජාතිකයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  

මෙම චෝදනාවට අදාලව ඔවුන්ට මාස 6ක උපරිම සිර දඬුවමක් සහ සිංගප්පූරු ඩොලර් දස දහසක දඩයක් නියම වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.